යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන්  667 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ, ඉකුත් පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම් යටතේයි.

එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව 559ක්.

එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ගංජා  කිලෝ 02යි ග්‍රෑම් 300ක්, හෙරොයින් ග්‍රෑම් 191ක්, අයිස්  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103ක්, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *