කෙහෙළිය අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, ආන්දෝලනයට තුඩුදී ඇති ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන්.

හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *