VAT Refund කවුළුවක් ගුවන් තොටුපොළේ ඇරෙයි

විදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ කවුළුවක් පෙබරවාරි මස 10 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම කවුළුව පවත්වාගෙන යන බවත්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් වැට් ගෙවූ බවට සඳහන් කරන ලද අදාළ බිල්පත් එම කවුළුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, අදාළ වැට් මුදලින් සියයට 80 ක් සංචාරකයාට නැවත ලබා දීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙළ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *