යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් කොටු වේ

යුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 499 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබූ 204 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.