ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නැවතත් ජේ ෂා පත් කෙරේ

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා තවත් වසරක කාලයක් සඳහා අද (31) තේරී පත්කර ගැනුණි.

ඒ සඳහා ජේ ෂාගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසිනි.

මේ ජේ ෂාගේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාවයි.