තවත් 868ක් අත්අඩංගුවට ඊයේ යුක්තියට කොටුවේ

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී අද (30) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 536 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 332 ක් සමගින් මුළු සැකකරුවන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 120g
අයිස් 98g
ගංජා 123kg 600g
ගංජා පැල 9,708
මාවා 249g
මදනමෝදක 137g
මත්පෙති 31,611

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 536 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 05 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 27 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 332 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 36 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 279 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 09 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 08 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *