ජනපති දිවයිනට පැමිණේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස අද උදෑසන 8.30ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ජනාධිපතිවරයා මෙම කාලය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට, උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව සඳහා සහභාගිවීම සඳහා පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *