සාමාන්‍ය පෙළට අයැදුම් කිරීමට දින නියම කෙරේ

2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්පත් කැඳවීම හෙට (ජන. 23) සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, සියලු ම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ උපදෙස් අනුව මාර්ගගත අයැදුම්පත්‍ර ඉරිදිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම වර්ෂයේ සිට සියලු ම පෞද්ගලික අයැදුම්කරුවන් (අ.පො.ස) සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය වන බව ත් ජාතික හැඳුනුම්පත නොමැති වයස අවුරුදු 15ට වඩා අඩු පෞද්ගලික අයැදුම්කරුවෙකු (අ.පො.ස) සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් විභාගය අයැදුම් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අනිවාර්ය වන බව ත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, 2024 පෙබරවාරි 15 වන දා මධ්‍යම රාත්‍රී 12.00න් පසු මෙම විභාගය සඳහා අයැදුම් කළ නොහැකි අතර එදින මධ්‍යම රාත්‍රී 12.00 පසු කිසිදු හේතුවක් මත හෝ අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *