බෙලිඅත්තේ දී දරුණු වෙඩිතැබීමක් පක්ෂ නායකයෙකු ඇතුළු 05 දෙනෙක් මරුට

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙය සිදු වී ඇත්තේ දක්ෂිණ අධිවේ මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදියි.

අද(22) උදැසන 8.35ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී තිබෙනවා.

කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *