කැරට් කිලෝ එකක මිල රු. 2,000 පනී

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

prime news වෙත ලැබුණ ආරංචි අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල රු. 1700 -1800 අතර මිලකි.
අද (16) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල රු. 2000 කි.
ඒ අනුව කැරට් කිලෝ එකක් රු. 2100 – 2200 අතර සිල්ලර මිලකට අලෙවි වන බව අප කල සොයා බැලීමකදී අනාවරණය විය.

බෝංචි කිලෝ එකක් රු. 1380ත් 1400ත් අතර සිල්ලර මිලකට ද, බීට්රූට් කිලෝ එකක් රු. 1180ත් 1200ත් අතර මිලකට ද ගෝවා ගෙඩි රු. 780ත් 800ත් අතර මිලකට ද මාළු මිරිස් කිලෝ එකක් 1180ත් 1200ත් අතර මිලකට අලෙවි වේ.

අමු මිරිස් කිලෝ එකක් රු. 1580ත් 1800ත් සිල්ලර මිලකට අලෙවි වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *