ෂෝන් මාෂ් සමුගනී

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ දිනවල ඔහු BBL තරගාවලියට සහභාගී වෙමින් සිටිනවා.

එහි Sydney Thunder සමග පැවැත්වෙන තරගය සිය අවසන් ක්‍රිකට් තරගය බව ෂෝන් මාෂ් නිවේදනය කර තිබෙනවා.

BBL තරගාවලියේ Melbourne Stars කණ්ඩායම සමග ඊයේ (13) වනදා පැවති තරගයේ වීරයා වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගැන ප්‍රකාශයට පත් කළේය.

එහිදී Melbourne Renegades කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ෂෝන් මාෂ් හතරේ පහර 4ක් සමග පන්දු 49කදී ලකුණු 64ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *