61 වියැති කාන්තාවකගේ උද­ර­යෙන් තෙල් ලීටර් 13.5ක් ඉවත් කරයි

උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබුණු 61 හැවිරිදි කාන්තාවක මහනුවර පෞද්ගලික රෝහලකදී සැත්කමට ලක් කර තිබෙනවා.. එහිදී ඇගේ
උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කර ගැනීමට හැකිවූ බවයි එම සැත්කම සිදු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම පවසන්නේ.

මේ කාන්තාවගේ උදර කුහරයේ තිබූ තෙල් ඉවත් කිරීමේ සැත්කමට (Liposuction) පැය තුනක පමණ කාලයක් ගතවී තිබෙනවා.

මෙවැනි සැත්කමකින් සාමාන්‍යයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4-5 අතර ප්‍රමාණයක් බවත් මෙතරම් විශාල තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීමේ සැත්කමක් මෙරට පමණක් නොව ලොව වෙනත් රටක හෝ සිදුව ඇති බවක් වාර්තා වී නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

සැත්කමට ලක් වූ විශ්‍රාමික ගුරුවරියක් වන 61 හැවිරිදි කාන්තාව එක්දරු මවක් බවත් ඇය කිසිදු සංකුලතාවකින් තොරව සුවෙන් පසුවන බවත් වෛද්‍යවරයා කීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *