සියළු බස් රථවලට CCTV කැමරා

සියලු ම මගී ප්‍රවාහන සේවා බස් රථවලට සීසීටීවී (CCTV) කැමරා සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (ජන. 11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

ඇය තවදුරට ත් සඳහන් කළේ, පොදු මගී ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන කැමරා සවි කිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වීමක් සිදු වේ යැයි අපේක්ෂා කර බව ය.

ඒ අනුව, මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරිය වැඩිදුරට ත් සඳහන් කළාය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *