වැඩි මිලට ගෑස් අරන් ලිට්‍රෝ සමාගමට කෝටි 113ක පාඩුවක්

ලිට්‍රෝ සමාගම 2022/2023 වර්ෂ සඳහා අඩු මිලට ගෑස් සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර එම මිලට වඩා වැඩි මිලකට වෙනත් සමාගමකින් ගෑස් මිල දී ගැනීම හේතුවෙන් රුපියල් 1,138,837,430ක අමතර වියදමක් රජයට දැරීමට සිදුවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 96 ක මුදලකට සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 129 හා 118.83 වැනි ඉහළ මිලකට වෙනත් සමාගමකින් මිල දී ගැනීම හේතුවෙන් මෙම අමතර වැය බර රජයට දැරීමට සිදුවී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට තිබේ.

ලෝක බැංකු අරමුදල මඟින් වෙන් කළ මුදලින් ඩොලර් මිලියන 70ක් රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ලබා දී තිබු අතර එම මුදල් යොදවා ලිට්‍රෝ සමාගම වැඩි මිලට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගෙන ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *