සාපෙළ ප්‍රථමයා නුවරින්

අද (01) උදෑසන නිකුත් කළ අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ දැරියක් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

2022 අපොස සාපෙළ ප්‍රතිඵල අනුව සිසු-සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන ඇති බව සඳහන් ය.

එසේම එම විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *