පිරමීඩ ජාවාරමකට හසු වූ තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

බොල්ගොඩ ජලාශයේ තිබී මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයයි.

දේහය පවුලේ සාමාජිකයන් විසින් හඳුනාගෙන ඇති බව ද සඳහන්.

මරණකරු කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කළ අයෙකු වනවා.

පිරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *