රිය අනතුරුවලින් මේ වසර තුළ දරුවන් 115ක් මියගිහින්

මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ ‌මේ දක්වා ගත වූ කාලය තුළ ළමයින් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා.

මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා කියා සිටියේ.

රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් සඳහන් කළා.

2022 වසරේදී රිය අනතුරු 2,539 ක් වාර්තා වී ඇති බව පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ වසරේ ඔක්තෝම්බර් 15 වැනිදා වනවිට රිය අනතුරු 1,790 ක් වාර්තා වන බව කියා සිටියා.

එහිදී ළමයින් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසූ ඔහු මාර්ග රිය අනතුරුවලින් වැඩි වශයෙන්ම මිය යන්නේ ශ්‍රමිකයන් බව පැවසුවා.

ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු බවයි පොලිස් රථවාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා කියා සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *