පිටකොටුවේ දුරකතන අලෙවිසැල් 20කට නඩු: සිව් වසරකට පෙර තහනම් කළ උපාංග තවමත් අලෙවියේ

පිටකොටුව ප්‍රදේශයේ ඇති දුරකතන සහ උපාංග අලෙවි කරන වෙළෙඳසැල් 20කට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා.

ඒ, එම අලෙවිසැල්වල තුළ ඇති ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකතන හා උපාංගවලට වගකීම් සහතිකයක් ලබා නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග විකිණීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම යන චෝදනා සම්බන්ධයෙන්.

මෙම වෙළෙඳසැල්වල අලෙවි කිරීම සඳහා ඇති සමහර උපාංග මීට සිව් වසරකට පෙර අලෙවිය තහනම් කළ ඒවා බවට ද මෙහිදි සනාථ වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය ඊයේ (18) දිනයේ දී පිටකොටුව ප්‍රදේශයේ දුරකථන හා උපාංග අලෙවි කරන වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කළා.

එහිදි මෙම චෝදනා යටතේ වෙළෙඳසැල් 20කට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබුණේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදිප් කළුතරආරච්ච්ගේ, වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර තිබුණා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *