ගෑස් මිලත් අද යළි වැඩිවන ලකුණු

අද දිනයේ ගෑස් මිල සංශෝධනය වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ, ගෑස් මිල සූත්‍රයට අනුවයි. වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ මෙම මිල සංශෝධනයේදී ගෑස් මිල වැඩිවනු ඇති බවයි.

වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම ඊට හේතුව ලෙසටයි වාර්තා වන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

මීට පෙර රැගෙන ආ තොග මේ වන විටද රට තුළ පවතින බැවින් වැඩිවිය යුතු මිලට සාපේක්ෂව අද දින මිල වැඩි වන්නේ අඩු අගයකින් බවද ඔහු සඳහන් කළා.

ලිට්‍රෝ ගෑස් මිල ඉකුත් සැප්තැම්බර් මාසයේදී ද වැඩි කෙරුණා.

එහිදී කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ නැංවුණා.

එහි වර්ථමාන මිල වන්නේ රුපියල් 3,127 ක්. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද එහිදී රුපියල් 58 කින් ඉහළ නැංවූ අතර එම සිලින්ඩරයක් දැන් අලෙවි වන්නේ රුපියල් 1,256 කටයි. කිලෝ ග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ඉකුත් මාසයේදී වැඩි වුණා.

එම ගෑස් සිලින්ඩරයක් දැන් අලෙවි වන්නේ රුපියල් 587 කටයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *