විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි නසා ගනියි: සිනමා ලොව ශෝකයෙන්

සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන තිබෙනවා.

16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවසේ දී සිය ගෙලවැලලාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මීරා විජෙයි ඇන්ටනි වන ඇය 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.

ඇය ඊයේ (18) අලුයම තුනට පමණ විදුලි පංකාවේ එල්ලී ඇති බව සඳහන්.

අනතුරුව ඇයව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී විජෙයි ඇන්ටනි නිවසේ නො සිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මීරා පසුගිය දිනවල දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ආල්වාර්පේට්ටෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *