පාසල් යමින් සිටි දැරියකට පිහි ප්‍රහාරයක්

මිණිපේ, හසලක, මොරයාය ප්‍රදේශයේ පාසලක් වෙත අද (08) උදෑසන යමින් සිටි දැරියකට පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබේ.

පසුව එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලා ගල් බැඳ හසලක පොලීසියට වෙත භාරදීමට කටයුතු කර ඇත.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබු 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය මේ වනවිට මහියංගන මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

දැරියගේ ශරීරයේ සුළු කැපුම් තුවාල 3ක් සිදුව තිබු බව ප්‍රදේශවාසිහු පවසති.

දැරියගේ මව වසර ගණනාවක සිට විදේශගතව සිටින බැවින් දැරිය මිත්තණිය සමග ජීවත්ව ඇත.

වැඩිමහල් සහෝදරයෙකු හා නැගණියක් සිටින තුවාල ලැබු දැරියගේ පියා ද රැකියාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇතැයි වාර්තා වේ.

පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 24 හැවිරිදි අවිවාහක ජයසිරිගම, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ප්‍රහාරයට ලක්වු දැරිය මුහුණුපොත හරහා එම පුද්ගලයාව වසරක පමණ කාලයක් හඳුනාගෙන ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර, දැරිය සම්බන්ධය නවතා දැමීම හේතුවෙන් උරණ වී මෙම ප්‍රහාරය එල්ල කළ බව තරුණයා පොලීසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *