යාපනෙන් ලන්ඩන් ගිය ස්ටූඩියෝ හිමියා අවුරුදු 11ක් හිරේ

යාපනයේ දෙමළ තරුණයෙකු ලන්ඩනයේදී චීන තරුණියක අපයෝජනය කිරීමේ වැරැද්දට ලන්ඩනයේ හෙන්ඩන් ක්‍රවුන් අධිකරණය විසින් විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 11ක සිර දඬුවමක් පනවනු ලැබ තිබේ.

යාපනයේ සිට වසර හතරකට ඉහතදී ලන්ඩනයට ගොස් සිටින එස්. සයන්තන් නමැති 38 හැවිරිදි මෙම පුද්ගලයා ලන්ඩනයේ බේ‍රාම්ප්ටන් පාරේ ඡායාරූප ශාලාවක් පවත්වා ගෙන යන අතර ඡායාරූපයක් ගැනීමට පැමිණි චීන තරුණියකට ඡායාරූප රැගෙන යාම සඳහා ආපසු පැමිණීමට දිනයක් ලබා දී එම දිනයේදී ඇයට මත්පැන් පානය කිරීමට දී ඇයව ඡායාරූප ශාලාව තුළදීම අපයෝජනය කොට තිබේ.

පසුව ඇයව බස් නැවතුමක් වෙත රැගෙන ගොස් බස් රථයකට නැංවූ සැකකරු ආපසු ගිය බව චීන තරුණිය අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත.

2022 ජූලි 8දා සිදු වූ මේ සිදුවීම සම්බන්ධයෙන් අවසන් නඩු විභාගය පැවති 2023 ජූලි මස 21 වනදා ක්‍රවුන් අධිකරණය විසින් එම දඬුවම ලබා දෙනු ලැබ තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *