ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93කි.

රටවල් 100ක පමණ අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙසයි ඩිල්මා තේ සැලකෙයි.

2019 වසරේදී ඩිල්මා තේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා පත් කෙරුණේ ඔහුගේ පුත්‍රයා වන ඩිල්හාන් ප්‍රනාන්දු ය.

ව්‍යවසායකයෙකු ලෙස දැක්වූ දක්ෂතා ඇගයීම පිණිස මෙරිල් ජේ. ප්‍රනාන්දු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ අයෙකි.