හල්දුම්මුල්ලේ මී හරක් කුලප්පුවකින් පාසැල් සිසුන් පස් දෙනෙකු රෝහලේ

හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී මී හරක් රංචුවක් කුලප්පු වීමෙන් පාසැල් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වාර්තාකරු පැවසුවේ අද උදෑසන පාසැල වෙත යමින් සිටි බත්ගොඩ විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි.

වයස අවුරුදු 10ත් 11ත් අතර පසුවන සිසුන් 05 දෙනෙකු එම අනතුරට මුහුණ පා තිබෙනවා.

පුද්ගලයෙකු විසින් දක්කා ගෙන ආ මී හරක් රංචුවක් බත්ගොඩ මංසන්ධියේ සිට විපුලානන්ද දෙමළ මහා විදුහල දෙසට පා ගමනින් යමන් සිටි එම සිසුන් පසුපස පන්නා ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

එහිදී තුවාල ලැබූ සිසුන් 05 දෙනා ප්‍රතිකාර සඳහා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *