අලි නොඑවන තායිලන්තය කුරුල්ලන් එවයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදුකෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ, “ද්විත්ව කරමල් කැසොවරි” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනෙකු 5 දින රාත්‍රි තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.

මාස 9ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණි.

උස අඩි 5ක් පමණ වැඩෙන, කිලෝ ග්‍රෑම් 60ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරු ම කුරුල්ලන් ගණයට අයත් වන ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වේ.

ඉතා ම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයකි.

මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මී මින්නන්, කළු වඳුරන්, රිළව්, වලිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක් ම යැවීමට සූදානම් කර තිබේ.

මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් රැගෙන විත් තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය, සත්ව පාලක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු අය කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *