තුන් නිවුන් දරු කලලය සමගම දෙනෙත් පියාගත් චතුරි

තුන් නිවුන් දරු උපතක් සඳහා සූදානම්ව සිටි ගැබිණි මවක් අවාසනාවන්ත ලෙස රාගම රෝහලේදී මියගොස් තිබේ.

ඥාතීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.

කෙසේ වෙතත් රෝහල් බලධාරීන් පවසන්නේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ ලවන්ති චතුරි ජයසූරිය නමැති ගුරුවරියකි.

ඇය මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඥාතීන් පවසන්නේ විවාහ වී වසර 08කට පසුව නිවුන් දරුවන් තිදෙනෙකු පිළිසිඳගැනීමෙන් අනතුරුව පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මෙලෙස රාගම රෝහලට ඇතුළත් කළ බවය.

ඒ ඇය ගැබිණියක වී සති 23කට පමණ පසුවය.

වැඩිදුරටත් ඥාතීන් පවසන්නේ එහිදී අසාධ්‍ය තත්ත්වයට පත්වූ ලවන්ති දින තුනකින් පසුව මියගොස් ඇති බවය.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහල් බලධාරීන් පවසන්නේ එම මරණය රෝහලේ නොසැලකිල්ලකින් සිදුවූවක් නොවන බවය.

එසේම මියගොස් ඇති කාන්තාව නළ දරු ක්‍රමවේදය හරහා දරුවන් තිදෙනෙකු ගැබ්ගෙන ඇති බවත් එහිදී ඇතිවූ සංකූලතා මත මෙලෙස රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති බවත්ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *