මුල්ලේරියාව දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබියදී අදාළ කුඩා දරුවාගේ මළසිරුර පසුගිය 08 වනදා සවස මුල්ලේරියාව පොලීසිය සොයාගත්තේය.

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවාගේ සිරුර මෙලෙස හමුවූ අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.

දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුල්ලේරියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 51 හැවිරිදි වියේ පසුවූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *