ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූනි 1) රාත්‍රි 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ය.

රජය පසුගිය මාස නවයක කාලය තුළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය.

එසේ ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සකස් කළ මෙහෙයුම් යෝජනාවලියක් මෙම විශේෂ ප්‍රකාශය අතරතුරදී ඉදිරිපත් කිරීමට නියමිත බව ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරට ත් සඳහන් කළේ ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *