ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඊයේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුව තිබුණි.

එහිදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්‍රයත්නයට තම රජය සහාය පළ කරන බවය.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ චීනය ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතාට සිය කෘතඥතාවය පළකර තිබේ.

මෙහිදී දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමට නව අවස්ථා සොයාබැලීමට චීනය උනන්දුවෙන් පසුවන බවද චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *