අබිරහස සොයන්න දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ගොඩ ගනී

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබේ.

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමේ කටයුතු සිදුකළ බව එම ස්ථානයේ සිටින අප මාණ්ඩලික වාර්තාකරු ජූඩ් විදර්ශන ප්‍රනාන්දු සඳහන් කළේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *