ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට යළිත් පහළට

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව එම සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි 3) දිනයේදී නිල වශයෙන් දැනුම් දෙන බව ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහත දැමීමට බලාපොරොත්තු වන බව මුදිත පීරිස් සඳහන් කළේ ය.

අදාළ මිල සංශෝධනයන් හෙට (මැයි 3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බව ඔහු වැඩිදුරට ත් පැවසීය.