රුපියල් මිලියන 84ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි තවත් පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක් සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය පාර්සල් 24ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු විසින් බලය පැවරූ වාප්පු ලිපිකරුවාද රේගු අත්අඩංගුවට පත්විය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *