ලංකාව ආහාර උද්ධමනයෙන් පියවරක් ඉදිරියට

ආහාර උද්ධමනය වැඩි ම රටවල් අතර 10 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක බැංකු නවතම දර්ශකය සඳහන් කරයි.

ඒ අනුව මීට පෙර 9 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව එක් ස්ථානයකින් මෙවර පහළ බැස ඇත.

2022 අගෝස්තු මාසයේ නිකුත් කළ ලෝක බැංකු දර්ශකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 5 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව ඉන්පසුව ක්‍රමිකව එම දර්ශකයේ පහළ ස්ථානවලට පැමිණියේ පසුගිය මාස කිහිපය තිස්සේ ය.

පොහොර හිඟය හා ආහාර ආනයනය සඳහා විදේශ විනිමය ප්‍රමාණවත් නොවීම ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනයට ඍජුව බලපෑවේ ය.

ආහාර උද්ධමනය වැඩි ම රටවල් අතර ප්‍රථම ස්ථානය ලෙබනනයටත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් සිම්බාබ්වේ සහ ආර්ජින්ටිනාවටත් හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 54ක් ලෙස සටහන් වෙද්දී පිළිවෙළින් ලෙබනනයේ සියයට 139ක් සිම්බාබ්වේ 138ක් හා ආර්ජන්ටිනාවේ 103ක් ලෙස සඳහන් වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *