පුංචි ඡන්දය දෙවන වරට ත් කල් දමයි

2023 අප්‍රේල් මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වරට ත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීම සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ බව ය.

එහෙත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොර හේතු මත ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.

එබැවින් අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් දෙනු ලබන තීරණය මත දිනය තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනය හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව එහි සඳහන් වේ.

මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලු ම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ත් ගනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *