16 හැවිරිදි දරුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

මහනුවර පොලිස් වසමේ, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසල ඊයේ (මාර්තු 26) සවස් කාලයේදී 16 හැවිරිදි දරුවෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, මියගිය දරුවා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

16 හැවිරිදි දරුවා මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පදිකයින් ගමන් කරන ගුවන් පාලමෙන් නොයා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දරුවා බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක ගැටී මිය ගොස් ඇති අතර මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *