බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

වන්දනා ගමනක නිරතවෙමින් සිටි කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ.

අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනතුර සිදුවෙන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 48ක් පමණ සිට ඇති අතර මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී එම අනතුර සිදුවී ඇත.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පිරිසක් මෙම බස් රථයේ ගමන් කර ඇති බවය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *