12 හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට

සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

මිය ගිය දරුවා තුටුවායි, නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා සහ ප්‍රදේශවාසීන් දරුවා සොයා බැලීමේදී නිවස අසල පිහිටි ළිඳ තුළ වැටී සිටියදී හමු වී ඇත.

එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වෛද්‍යවරුන් දන්වා තිබේ.

මෘත ශරීරය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *