විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනා සේවාව ලබාගැනීම සදහා අද දිනය තුලදී සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටවනු ලැබුවා. 

ඒ අනුව ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාව වෙන් කර ගත් දිනට පසු දින සිය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

සිකුරාදා දින වේලාවන් වෙන්කර ගත් අයදුම්කරුවන්ට සෙනසුරාදා දිනයේදී සිය සේවාවන් ලබාගැනීම සදහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවා.

ඊයේ දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනාට අද මධ්‍යහ්න 12න් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළු මගින් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවයි ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  

අද මධ්‍යහ්න 12 න් පසුව ගමන් බලපත්‍ර ලබාගැනීමට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය වෙත කුරියර් සේවාවක් මගින් කඩිනමින් අදාළ ගමන් බලපත්‍ර නිවසටම ලබාදීමට කටයුතු කරන බවයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසුවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *