උඩු ගුවනේදී කතකගේ දිවි බේරූ ලාංකික වෛද්‍යවරිය

මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි.

මෙල්බන් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවක සිටි 85 හැවිරිදි කාන්තාවක් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලී තිබෙනවා. එම අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටී නම් සිය කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව ඉදිරිපත් වූ මනෝරි ගමගේ නමැති වෛද්‍යවරිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු වයෝවෘද්ධ කාන්තාවට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී තිබෙනවා.  

ඒ අනුව, ඔක්සිජන් ලබා දීමටත් , ඇදුම රෝගයෙන් පෙලුණු එම කාන්තාව සතුව තිබූ ඉන්හේලරය මඟින් ඖෂධ වාර කිහිපයක් ලබා දිමටත් ඇය පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ. රුධිර පීඩනය මැනිය හැකි උපකරණයක් ගුවන් යානය තුළ තිබී නොමැති අතර තවත් ගුවන් මගියෙකුගේ ස්මාර්ට් ඔරලෝසුවක් භාවිත කර වයෝවෘද්ධ කාන්තාවගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීමටද කටයුතු කර , තවත් මගියෙකු සතුව තිබූ ඇස්ප්‍රින් ඖෂධය රෝගී කාන්තාව වෙත ලබා දීමටද ඇය පියවර ගෙන තිබෙනවා. 

රෝගි කාන්තාව සතුව තිබූ සැල්බියුටමෝල් ඉන්හේලරය මඟින් ඖෂධ වාර කිහිපයක් ලබා දුන්නද එයද ප්‍රමාණවත් වී නැහැ.

ඒ අනුව කුඩා දරුවෙකුට ලබා දෙන ප්‍රෙඩ්නිසොලෝන් සිරප් බෝතලයක් මගීන් සතුව තිබී එම ඖෂධයද ලබා දී වයෝවෘද්ධ කාන්තාවගේ දිවි ආරක්ෂා කිරීමට එම ශ්‍රී ලාංකික වෛද්‍යවරිය සමත්ව ඇත්තේ ගුවන් යානයේ සිටි සියලු මගීන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *