බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ චලනයක්

බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

එම භූචලනය අද දහවල් 12.11ට පමණ සිදුව ඇති අතර එය මෙරට පිහිටි භූකම්පන මාපක 04 හි සඳහන් වී ඇති බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

පැල්වත්ත සිනි කර්මාන්ත ශාලාව සහ A-4 මාර්ගය ආසන්නයේ මෙම භූචලනය සිදුව ඇති බවයි මුලික දත්ත විශ්ලේෂණයෙන් හෙළිවී ඇත්තේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *