ජීවිත 7ක් බිලිගත් නානුඔය බස් අනතුරේ රියදුරුට ඇප

නානුඔය රදැල්ල මාර්ගයේදී සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප තුනක් මත මුදා හැර තිබෙනවා. සිද්ධියට අදාළ නඩුව මාර්තු 02 දින යළි කැඳවිමට නියමිතයි.

ඇප මත මුදා හැර ඇති සැකකාර රියදුරා සම්බන්ධ රිය අනතුර සිදු වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ආපසු කොළඹ දක්වා පැමිණෙමින් සිටියදීයි.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු වැන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනෙකු, වෑන් රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ රියදුරා එහිදී ජිවිතක්ෂයට පත් වුණා. එම අනතුරෙන් බස් රථයේ සිටි පාසල් ළමුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබුවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *