තෑගි දෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙක් දැලේ

සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන තිබේ.

ඒ අනුව අදාළ සැකකරු මුදල් වංචා කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩ කිරීම හා මුදල් විශූද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට  ගත් බව පොලීසිය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ යන ප්‍රදේශයයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කොළඹ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *