15 හැවිරිදි මනාලියට සිදුවු දේ

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක විවාහ කර ගැනීමට සූදානම් වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද නිර්නාමික ඇමතුමක් මත කළ වැටලීමකදී සැකකාර 19 හැවිරිදි පෙම්වතා අඟුලාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී 15 හැවිරිදි බාලවයස්කාර මනමාලිය සහ 19 හැවිරිදි මනමාලයා උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.

මෙම මංගල්‍ය සඳහා බාලවයස්කාර දැරියගේ සහ තරුණ මනමාලයාගේ නිවැසියන් ද සහභාගි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය පෙරේදා (ඔක්. 8) සිදුව ඇති අතර සැකකාර තරුණයා ඊයේ (ඔක්. 9) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

අවුරුදු 15යි මාස 6ක් වයසැති බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *