නෙළුම් කුළුණෙන් පහළට පනින්න ජනවාරියේ සිට වරම්

නෙළුම් කුළුණේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුළුණ කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ.

සිංගප්පූරු සමාගමක් සමග පසුගිය දා මීට අදාළ ගිවිසුමකට ද එළඹ ඇත.

නෙළුම් කුළුණ මුදුනේ ඉදි කෙරෙන විශේෂ පීඨිකාවක සිට මීටර් 260ක් පහළට පැනීම මෙහිදී සිදු කෙරේ.

විදේශීය අයට මෙන් ම දේශීය අයට ද මෙම ක්‍රීඩාව සඳහා සහභාගි විය හැකි අතර දේශීය අයට අඩු මුදලක් අය කිරීමට පියවර ගෙන ඇත.

දිනකට පැනුම් වාර 100ක් කෙරෙන අතර රාත්‍රි කාලයේ නෙළුම් කුළුණ ආලෝකවත් කිරීමෙන් පසුව එවැනි පැනුම් වාර 30ක් 40ක් කිරීමට ද සැලසුම් කර තිබේ.

ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන තරගයකින් තෝරා ගන්නා ක්‍රීඩකයන් කිහිප දෙනකුට නොමිලේ පැනීමට අවස්ථාව ලබා දෙන බව ද නෙළුම් කුළුණ කළමනාකාරිත්ව පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ පැවසීය.

විදේශීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *