ඉන්දියාවේ බස් රථයක් ගිනි ගෙන 11ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

අද (ඔක්. 8) අලුයම මෙම බස් රථය, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි සිටි පුද්ගලයින් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, නාෂික් නගරයේ අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ය.

තුවාල ලැබූ 25 දෙනා අතරින් අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අදාළ වාර්තාවල දැක්වේ.

මිය ගිය පිරිස අතර දරුවෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *