දර්ශන් ධර්මරාජ් දිවි රඟමඬලින් බැස යයි

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (02 වැනිදා) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගොස් තිබේ.

රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ දර්ශන මහතා රක්වාන ශාන්ත ජෝන් දමිළ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

ඔහු මුලින්ම කලා ක්‍ෂේත්‍රයට පය තැබුවේ සිඩ්නි චන්ද්‍රසේකර මහතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ් – 09 (ඒ – නයින්) ටෙලි නා්‍යයෙනි.

2008 වසරේ ‘ප්‍රභාකරන්’ චිත්‍රපටයේ ත්‍රස්ත නායකයා ලෙස විශිෂ්ට රංගනයක යෙදෙමින් ඔහු සිනමාවට අවතීර්ණ විය. ඉන්පසු 2008 වර්ෂයේ උබෙර්කෝ පැසලෝනි මහතා අධ්‍යක්‍ෂණය කළ මචං චිත්‍රපටයේ ‘සුරේෂ්’ නමැති චරිතයටද, 2009 වර්ෂයේ තිරගතවූ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත්‍රපටයේ එල්ටීටීඊ සෙබළෙකුගේ චරිතයද, 2012 වර්ෂයේ තිරගතවූ අශෝක හඳගමගේ අධ්‍යක්‍ෂණ කළ ඉනි අටක් චිත්‍රපටයේ ‘අවන්’ නමැති චරිතයද, 2012 වර්ෂයේ තිරගතවූ බුඩී කීර්තිසේනගේ ‘මාතා’ චිත්‍රපටයේ ‘යෝගා’ නමැති චරිතයද, 2015 වර්ෂයේ තිරගතවූ ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ‘ගුබ්බෑයමේ ගෝරින්’ නමැති චරිතයද, 2015 වර්ෂයේ තිරගතවූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්‍ෂණ කළ ‘ස්පන්දන’ චිත්‍රපටයේ ‘දර්ශන්’ නමැති චරිතයද, 2016 වර්ෂයේ තිරගතවූ හර්ෂ උඩකන්ද අධ්‍යක්‍ෂණය කළ ‘උලත් එකයි පිලත් එකයි’ චිත්‍රපටයේ ‘කරාපිටියේ දර්ශන්’ නමැති චරිතයද, 2017 වර්ෂයේ තිරගතවූ චත්‍ර වීරමන් අධ්‍යක්‍ෂණය කළ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ ‘දමිල රජ’ චරිතයද, 2018 වර්ෂයේ තිරගතවූ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයේ ‘ගව ඝාතකයා’ චරිතයද, 2020 වර්ෂයේදී තිරගතවූ ‘සුනාමි’ චිත්‍රපටයේ ‘සෙල්වම්’ නමැති චරිතයද, 2020 වර්ෂයේදී තිරගතවූ සුජීව ප්‍රියාල් යද්දෙහි අධ්‍යක්‍ෂණ කළ ‘සුපර්ණා’ හි චරිතයක්ද, බී. වීරතුංග පෙරේරා අධ්‍යක්‍ෂණ කළ ‘පෝරිසාදයා’ චිත්‍රපටයේ ‘කළු මහත්තාය’ නමැති චරිතයද, 2021 වර්ෂයේ තිරගතවූ ‘කව්රුත් දන්නේ නෑ’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක යෙදෙමින් සිංහල සිනමාවේ පෝෂණයට උර දුන්නේය.

මීට අමතරව ඔහු රඟපෑ ‘ආකාර්ශා’, ‘බාඳුරා’, ‘මොනරවිලක්’, ‘ජීව’, ‘පාස්පෝට්’, ‘ක්‍්ිැ භද 147’ ‘ප්‍රාණ’ යන චිත්‍රපටද ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත.

දර්ශන් ධර්මරාජ් ‘ඉනි අවන්’ චිත්‍රපටය වෙනුවෙන් දක්ෂතම නළුවා ලෙස 2013 දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළෙලේ දී හා 2014දී හිරු ගෝල්ඩන් සිනමා උළලේදී දක්ෂතම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායකවූ දර්ශන් ධර්මරාජ් මහතා, මේ දිනවල හිරු ටී. වී. ඔස්සේ විකාශනය වන ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරයි.

සංවේදී හදවතක් ඇති කලාකරුවකු වූ ඔහු සැමවිටම නැති බැරි මිනිසුන්ට උදව් උපකාර කළේය.

කලා ක්‍ෂේත්‍රයට පිවිසීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය දුෂ්කර ගමන යෙදෙමින් අසීමිත කැපකිරීම් කර ඇති මේ විශිෂ්ට නළුවා සිය කෙටි ජීවිත කාලය තුළ සදාකාලික මතකයන් ඉතිරි කර නික්ම ගියේය.

දර්ශන් ධර්මරාජ් මහතාගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අභාවප්‍රාප්ත දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහය ඊයේ (02 වැනිදා) රාත්‍රියේ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ (ලෝටස් ශාලාවේ) මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණ අතර අද (03 වැනිදා) පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා දේහය එහි තබා ඇත. පස්වරු 3.00 න් පසු ධර්මරාජ් මහතාගේ දේහය ඔහු උපන් රත්නපුර, රක්වාන ප්‍රදේශයට රැගෙන යෑමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 05 වැනිදා (බදාදා) පස්වරුවේ රක්වානේදී සිදුකෙරේ.

ලබන බදාදා දර්ශන් ධර්මරාජ් මහතා අවසන් ගමන් යනවිට ඊට පසුදා (06 වැනිදා) සිට සංජය නිර්මාල් අධ්‍යක්‍ෂණය කළ ත්‍රෛභාෂිත සිනමා නිර්මාණය වන ‘ප්‍රාණ’ හෙවත් ීැැාි චිත්‍රපටයේ ‘සංගිලි’ නමැති චරිතයෙන් ඔහුගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකිවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *