හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *