ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරය සදහා එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබෙනවා. එතැන් සිට එම පිරිස ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිත බවයි වාර්තාකරු පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවන නිල සංචාරය මෙයයි. 

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් පසු ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීම සදහා එළඹෙන 28 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *