රංගන ශිල්පී දමිතා අබේරත්න අත්අඩංගුවට

රංගන ශිල්පී දමිතා අබේරත්න ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල දියත උයනේදීයි. කොළඹ උතුර කොට්ඨාශයේ, කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ඇතුල්වීම හා දේපළ හානි කිරීම යන චෝදනා යටතේ එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පී දමිතා අබේරත්න අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *