සංශෝධිත අයවැය දෙවන වර කියවීම අද

රුපියල් බිලියන 4,672ක් වෙන්කළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (අගෝ. 30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන 2249ක් ද ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1809ක් ද වේ.

එම අතුරු අයවැය ඉදිරි මාස 4 සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

ඒ අනුව, අගෝස්තු 31 හා සැප්තැම්බර් 1 මේ පිළිබඳව වන විවාදය සිදු වේ.

ජනාධිපතිවරයා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව අද (අගෝ. 30) පස්වරු 1.00 සිට 2.00 දක්වා සිදු කරනු ඇත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමැතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසුදින දක්වා කල් තබන අතර ඒ අනුව අගෝස්තු 31, සැප්තැම්බර් 1 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිත ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *